මාසෙකින් විතර එක post එකක්වත් දෙන්න බැරි වුනානෙ. කොහෙද ඉතින් මේ විභාගෙ හින්ද මොකුත් කරගන්න බැරි වුනා. කොහොම හරි ඉතින් ඒකත් ඉවර වුනා එහෙනම්.😊 ඔන්න තවත් නියම වැඩක් කියල දෙන්න ආව. උඩ මාතෘකාව දකින්න ඇතිනෙ. අද මම කියල දෙන්න යන්නෙ browser එක hack කරන හැටි. ඇත්තට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ ඔක්කොම ඉතින් මම කියල දෙන්න යන්නෙ නෑ. ඔයාලට තනියෙන්ම කරගන්න පුලුවන් දේවල් තමයි ගොඩක් තියෙන්නෙ.
පම්පෝරි ගැහුවට මේක කරන්නෙ මොකකින්ද කිව්වෙ නෑනෙ ! අපි මේකට යොදා ගන්නෙ Beef කියල මෘදුකාංගයක්. මේක Kali Linux වලට pre-install කරල තියෙන නිසා අපිට කොහෙන්වත් download කරන්න ඕනෙ නෑ.
පින්තූර පැහැදිලි නැත්නම් පින්තූරය මත click කර බලන්න.
මුලින්ම Kali Linux Machine එක on කරල ඒකෙ වම් පැත්තෙ තියෙන හරකෙක්ගෙ (ඒ කියන්නෙ ඔයාගෙ) icon එක උඩ click කරන්න. දැන් terminal එකක් open වෙයි. දැන් ඔයාගෙ browser එක open කරන්න. එතකොට Beef login page එක open වෙයි. Username එකටයි Password එකටයි beef කියල දෙන්න.
දැන් ඒක උඩ click කරන්න. ඉගාවට Commands කියන එකට ගිහින් Social Engineering කියන එකට යන්න. ඒකෙ තියෙන Pretty Theft කියන එක තෝරගන්න. ඊට පස්සෙ Execute කියන බොත්තම click කරන්න.
දැන් The Butcher කියන tab එකේ මෙහෙම dialog box එකක් open වෙයි. ඒකෙ facebook email එකයි password එකයි දාල login button එක click කරන්න.
මේක වෙන කෙනෙක් ලවා click කරවගන්න ඕනෙ නම් ඒ කියන්නෙ වෙන කෙනෙක්ව hack කරන්න ඕනෙ නම් මේ Hook me කියන javascript එක link එකක් විදිහට හදල දෙන්න. එයා ඒක click කරපු ගමන්ම ඉතින් එයාගෙ browser එක ඔයා අතේ. මේ ටික නම් හරියට පැහැදිලි වෙන්නෙ නැතුව ඇති. මම හැමදාම කියනව වගේ තමන්ගෙ වාසියට Hack කරන එක හරි නෑ. ඒ නිසාමයි මම මේ ටික එච්චර පැහැදිලි කරේ නැත්තෙ. ඒ වගේම හැම දෙයක්ම මම කියල දෙන්න ගියාම ඔයාට මොකක්වත් හරියට ඉගෙනගන්න බැරි වෙනව.
ඔන්න එහෙනම් ඉතින් අදට එච්චරයි. අවුලක් ගන්න එපා මම වෙන කෙනෙක්ගෙ browser එක හැක් කරන හැටි හරියට කියල දෙන්නෙ නැති වුනාට. මම මුලින්ම කියලනෙ තියෙන්නෙ වැරදි විදිහට මේව පාවිච්චි කරන හැටි කියල දෙන්නෙ නෑ කියල. ඔයා පොඩ්ඩක් උත්සාහ කලොත් ඔය පොඩි කරුණු ටික හොඳටම ඇති. 😉
elama✌️✌️😍
ReplyDeleteවැඩේ කරල බැලුවද ?
DeleteMee blog ek dn active nedd??
ReplyDelete