Kali Linux ගැන අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ මේක තියෙන්නෙ Hack කරන්න කියලනෙ. ඒත් ඉතින් මේක හදපු කට්ටිය නම් හදල තියෙන්නෙ penetration testing වලට තමයි. හරි හරි ඉතින් ඒකෙන් කරන්න තියෙන්නෙ hacking තමයි ඒත් පරිගනකවල, ජාලවල අඩුපාඩු එහෙමත් නැත්නං vulnerabilities හොයන්න තමයි hack කරන්නෙ.
මුලින්ම කියන්න ඕනෙ මේ Hacking ගැන පොඩි හරි අදහසක් නැති Unix වැනි මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරල නැති කට්ටියටනම් මේක හරියන එකක් නෑ. මොකද Kali Linux කියන්නෙත් Unix වල Distribution එකක්. ඔයාට හැම වැඩක්ම කරන්න වෙන්නෙ Terminal එකෙන්. Windows වල වගේ GUI එකක් නෙවෙයි මේකට තියෙන්නෙ. ඒක නිසා command පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න ඕනෙ වැඩ කරන්න.
ඔයා හිතන්නෙ මේව ඉගෙනගෙන පරිගනක සහ ජාලවල ආරක්ශාව තවත් වැඩි කරන්න එහෙමත් නැත්නම් White Hat Hacker කෙනෙක් වෙන්න නම් මම ඉල්ලන ඕන දෙයක් කියල දෙන්න ලෑස්තියි. ඒත් ඔයා හිතං ඉන්නෙ මේ කියල දෙන දේවල් වලින් Website එකක් Server එකක් වගේ දෙයක් hack කරන්න නම් මම ඔයගොල්ලන්ට කියල දෙන්න ඉන්න ඒව වලින් Website,servers හැක් කරන්නත් බෑ, කරත් අහු නොවී ඉන්නත් බෑ. ඒ වගේ ගොන් වැඩ කරල හිරේ වැටුනොත් මම වග කියන්නෙත් නෑ !
ඉගෙනගන්න ඉස්සෙල්ල උගන්නන එකා කවුද කියල දැනගෙන ඉන්න එපායැ. මම ටෙෂාන් කන්නන්ගර. වයස නං ඉතින් 14 තාම. ඕක අහපු ගමං ඉතින් ගොඩක් කට්ටිය හැරිල යයි මේ පොඩි එකා මොනවද hacking ගැන දන්නෙ කියල. ඔව් එහෙම කියන උන් වගේ මම Hacking ගැන වැඩිය දන්නෙ නැති වෙන්න පුලුවන් ඒත් ඒ පොඩි දැනුමත් තාම මේ ගැන මොකුත් දන්නෙ නැති ඉගෙනගන්න ආස කට්ටියට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්.
හරි ඉතින් ඔයාට මේක අල්ලල ගියා නම් ඉතින් මම දාන post කියවන්න. අර පොඩි එකෙක්ගෙන් ඉගෙන ගන්න ඕනෙ නැහැ කියල හිතෙන කට්ටියත් ඉතින් එක post එකක් හරි කියවන්න. මොකක් උනත් පටන් ගන්න ඉස්සෙල්ල අවශ්‍ය ද්‍රව්‍ය තියෙන්න එපායැ. දැම්මම Kali Linux iso image එක download කරගෙන තිබ්බනං ගොඩක් ලේසියි.
වටිනව බ්‍රෝ 🔥 දිගටම කරන් යන්න 👍👍
ReplyDeleteඔයාට දැන් වයස 17 යිද?
ReplyDelete