Sunday, June 11, 2017

Kali Linux Bootable Pen Drive එකක් හදමු




ඔන්න එහෙනම් පලවෙනි post එක. Hack කරන්න ඉස්සෙල්ල Kali Linux දාගෙන ඉන්න ඕනෙ නෙ. දන්න කට්ටියත් ඇති ඒත් ඉතින් නොදන්න කට්ටියත් ඔය අතරෙ ගොඩක් ඇති. ඒක නිසා තමයි මෙහෙම post එකක් ලියන්නෙ. හැම එකක්ම මුල ඉඳන්ම පටන්ගන්න එක කොහොමත් හොඳයිනෙ.


Kali Linux පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම තමයි,

                            1. Pen Drive/CD එකක් මගින් Boot කිරීම
                            2. Virtual Machine එකක් ලෙස භාවිතා කිරීම
                            3. පරිගණකයේ Hard Disk එකට Install කිරීම( Dual Boot / Main OS )

මේ ක්‍රම වලින් මම නම් කියන්නෙ 1 වෙනි ක්‍රමය හොඳයි කියල. මේකෙ වාසි තමයි,

                1. Hard Disk එකට හානි නොවීම.
                2. පරිගනකයට කිසි වෙනසක් සිදු නොකිරීම
                3. ඕනෑම පරිගනකයක boot කිරීමට හැකිවීම

එහෙනම් බලමු කොහොමද Kali Linux Bootable Pen Drive එකක් හදන්නෙ කියල. මේකට CD එකක් උනත් භාවිතා කරන්න පුලුවන්.



අවශ්‍ය දෑ :- Kali Linux iso image >> මෙතනින් බාගන්න
                  Pen Drive / CD
                  Universal USB Installer >>මෙතනින් බාගන්න

මුලින්ම ඔයාගෙ Pen එක හරි cd එක හරි computer එකට ගහගන්න. ඒකෙ තියෙන අවශ්‍ය file ටික backup කරගෙන Format කරන්න. දැන් Universal USB Installer එක open කරගන්න.

 ඊට පස්සෙ උඩම තියෙන drop down menu එකෙන් kali linux තෝරන්න. ඒකට පස්සෙ Browse කියන බොත්තම click කරල download කරගත්ත kali linux iso image එක තෝරගන්න. දැන් Create කියන බොත්තම click කරන්න. ටික වෙලාවක් යනකොට ඔයාගෙ Bootable Kali Linux Pen එක හැදිල තියෙයි.



දැන් ඕක තියාගෙන බලං හිටියට මොකුත් වෙන්නෙ නෑනෙ. ඔයාගෙ pen එක computer එකේ තියෙද්දිම computer එක restart කරන්න. On වෙනකොටම F2 ඔබන්න. දැන් එන menu එකේ  Boot කියන එකට යන්න. එතන F12  boot menu කියල එකක් ඇති. ඒක enable කරල Save and Exit කරන්න.

දැන් On වෙනකොට F12 ඔබන්න. එතකොට Boot Menu එකක් පෙනෙයි. දැන් ඒකෙ ඔයාගෙ Pen/Cd එක තෝරල Enter කරන්න. දැන් Kali Linux Boot Menu එක open වෙයි. පලවෙනි එක එහෙමත් නැත්නං Live කියල තියෙන එක තෝරගන්න.



ඔන්න ටික වෙලාවක් ගියාම නමෝ විත්තියෙන් Kali Linux open වෙයි. Username හරි Password  හරි ඉල්ලුවොත් Username = root සහ Password = toor කියල දෙන්න.

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරල මට කියන්න. මොකද මේව ප්‍රශ්න තියාගෙන කරන්න පුලුවන් වැඩ නෙවෙයි. එක වැරැද්දක් ඇති ඔක්කොම අවුල් යන්න.

දැන් ඉතින් පොඩ්ඩක් අලුතින් දාගත්ත OS එකේ පොඩ්ඩක් ඇවිදල බලන්නකො තියෙන්නෙ මොනවද කියල. එහෙනම් ඉතින් හෙට පලවෙනි Hacking පාඩමත් අරගෙන එන්නම්. එතකං හැමෝටම සුබ දවසක් !


2 comments:

  1. එතකොට ආයෙත් windows එකට යන්නෙ kohomda.? Kalin thibuna wage ?

    ReplyDelete