Monday, June 12, 2017

WEP Wifi Password Hack කරමු




ඔන්න එහෙනම් කියපු විදිහටම අද පලවෙනි Hacking පාඩමත් අරන් ආව. මම හිතනව හැමෝම Kali Linux දැනටමත් දාගෙන ඇති කියල. දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ අපි හැමෝම hack කරන්න කැමති දෙයක් ගැන. ඔව්, Wifi hack කරන්න තමයි කියල දෙන්නෙ.

මුලින්ම කියන්න ඕනෙ දැන් නම් WEP encryption තියෙන wifi network හොයාගන්න අමාරුයි. මොකද දැන් හැම එකක්ම භාවිතා කරන්නෙ WPA හරි WPA-2 හරි කියන ඒව තමයි. ඒව hack කරන හැටිත් පස්සෙ කියල දෙන්නම්.

දැන් ඉතින් දමල ගහල යන්න එපා මොකක්වත් Hack කරන්න බැහැ කියල. මම මුලින්ම කිවුව කිසිම වැරදි දෙයක් කරන්න මම අනුබල දෙන්නෙ නැහැ කියල. ඔයාට නියම hacker කෙනෙක් වෙන්න ඕනෙ නම් හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනෙ. නැතුව මේ එහා ගෙදර Wifi එකයි යාලුවන්ගෙ Facebook account විතරක් hack කරපු පලියට ඔයාට hacker කෙනෙක් වෙන්න බැ. ඔය Hack කරන්න පුලුවන් කියල ලොකු සීන් දාගෙන ඉන්න ගොඩක් උන්ගෙ තත්වෙ තමයි ඒ.

වල්පල් කියෙව්ව ඇති නෙ. දැන් වැඩේ පටන් ගමු.


1. Wireless Adapter එක හදුනා ගැනීම  

මුලින්ම ඔයාගෙ Wifi Adapter එක අදුරගෙන ඉන්න ඕනෙ. ඒකට මුලින්ම  Terminal එක open කරල airmon-ng කියල type කරන්න. එතකොට ඔයාගෙ wireless adapter එක පෙන්නයි. මගේ එක තමයි wlan0. ගොඩක් වෙලාවට wlan0 තමයි තියෙන්නෙ ඒත් වෙන ඒවත් තියෙන්න පුලුවන් wlan1, wlan2 වගේ.




2. Monitor mode එක ක්‍රියාත්මක කිරීම

මේකෙන් වෙන්නෙ අවට තියෙන හැම wifi network එකකින්ම එන traffic හදුන ගන්නව. Monitor mode එක enable කරන්න airmon-ng start wlan0 කියල type කරන්න. එතකොට monitor mode එක enable වෙයි. ගොඩක් වෙලාවට මේ monitor එක wlam0mon කියල තමයි තියෙන්නෙ. සමහර වෙලාවට මේ වගේ mon0 කියලත් එනව.




3. Wifi Network වල තොරතුරු රැස් කිරීම 

මුලින්ම අපි hack කරන්න යන wifi එකේ තොරතුරු අපිට ඕනෙ. ඒකට airodump-ng wlan0mon  කියල type කරන්න. Network ඔක්කොම පෙන්නුවට පස්සෙ Ctrl+C ඔබන්න.




4.අවශ්‍ය Network එකෙන් packets ලබා ගැනීම 

දැන් ඔයාට crack කරන්න ඕනෙ Network එකේ තොරතුරු තියෙනව. දැන් ඒ Network එකේ packets අරගෙන ඒක file එකකට දාගන්න ඕනෙ. එකට අපි පාවිච්චි කරන්නෙ 

airodump-ng -w hack -c 4 -b 0C:D2:B5:03:43:68 wlan0mon



                  hack = ඔයාට packets දාගන්න ඕන file එකේ නම
                -c 4   = Network එකේ channel එක 4 කියන තැනට දාන්න
0C:D2:B5:03:43:68 = Network එකේ bssid එක


5. Wifi Password එක crack කරමු

ඔයා අඩුම තරමෙ packets 10,000 වත් capture කරගත්තට පස්සෙ (packets ගාන ඔයාට මුලින් command එක run කරහම බලාගන්න පුලුවන්. ටිකක වෙලා ඉන්න වෙයි 10000ක් අල්ල ගන්නකන්) ඔයාට තියෙන්නෙ මෙන්න මේ command එක දෙන්න විතරයි.

aircrack-ng hack-01.cap

මෙතන hack-01.cap කියන එකට ඔයා packets save කරගත්ත file එකේ නම දෙන්න. මතක තියාගන්න ඒක .cap file එකක් වෙන්න ඕනෙ.

ටිකක් වෙලා ගියාම ඉතින් මෙන්න මේ විදිහට ඔයාට password එක පෙනෙයි.



එහෙනම් අදට එච්චරයි. මේ ක්‍රමේ වැඩ කරන්නෙ නැත්නම් හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් හරි මතක ඇතුව මගෙන් අහන්න. මුලින් කිව්ව වගේ මේව ප්‍රශ්න තියාගෙන කරන්න පුලුවන් වැඩ නෙවෙයි. Hacking කියන්නෙ පොඩ්ඩක් භයානක වැඩක්. මේව එහෙම හිතෙන හිතෙන පලියට කරන්න පුලුවන් වැඩ නෙවෙයි.

       එහෙනම් තවත් පාඩමක් අරන් ඉක්මනටම එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක් !



4 comments: